ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල ලබාදුන් නීතීඥවරියක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල ලබාදුන් නීතීඥවරියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේ පදිචිංකාරියකි.
සැකකාර ඉෂාර සෙව්වන්දිට ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් මෙම නීතිඥවරිය ලබා දී ඇති බව පොලිසිය සදහන් කළේය.
පොලිසිය සඳහන් කළේ මීට අමතරව තවත් පොත් දෙකක් ද ඇය විසින් ලබාදී ඇති බවයි .
තවද මේ සම්බන්ධ මූලික පරික්ෂණවලදී නීතිඥවරිය නීතීඥ හැඳුනුම්පත සහ නීතීඥවරුන්ගේ වාහන අවසර පත්‍රය ද ලබාදී ඇති බව සොයාගන තිබේ.
මෙම සැකකාර නීතීඥවරිය ඉෂාරා සෙව්වන්දිට ටයි පටි දෙකක් ද ලබාදී ඇති බව මීට අමතරව පොලිසිය සදහන් කරයි.
එවගේම පොලිස් විමර්ශනවලදී මෙම නීතීඥවරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර ඇති බව අනාවරණය වී ඇත.
පොලිසිය සදහන් කළේ ඇය පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ඇති බවයි.