ගල්කිස්සේ සුපිරි වෙළෙඳසලකින් නීතිඥවරියක් මස්, මාළුවල ඉඳන් දත්බුරුසුවක් වෙනකල් උස්සලා - සියල්ල සීසීටීවි කැමරාවල - අත්අඩංගුවට

Report

ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇත.

ඒ අනුව එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය වාර්තා කළේ අඳාළ වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බවයි.

උපාධි ලෝගුවෙන් සැරසෙන්නට පෙර ඇයත්.. මහවැලිය උඩ ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක් - මුහුණු පොතම කැළඹූ සරසවි සිසුවිය

උපාධි ලෝගුවෙන් සැරසෙන්නට පෙර ඇයත්.. මහවැලිය උඩ ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක් - මුහුණු පොතම කැළඹූ සරසවි සිසුවිය

ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු සීසීටීවි කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසයි.

අද මේ අයට සතොසින් BAW කාර්, ස්කූටර්, ස්මාර්ට් ෆෝන් 100ක් ඇතුළු තෑගි කන්දක් - හේතුව මෙන්න

අද මේ අයට සතොසින් BAW කාර්, ස්කූටර්, ස්මාර්ට් ෆෝන් 100ක් ඇතුළු තෑගි කන්දක් - හේතුව මෙන්න

එමෙන්ම සැකකාර නීතිඥවරිය ඉකුත් පෙරේදා (17) දින ද මේ ආකාරයටම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මේ අතර සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බවත් පොලිසිය පවසයි. කෙසේ වෙතත් අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

වෛද්‍යවරුන් පවා හඬවාලූ ශල්‍යකර්මය - තලයකින් කපා වධ දුන් කාන්තාවගේ ලිංගික අවයවයෙන් වෙඩි උණ්ඩයක් සහ ගලක් හමුවේ..

වෛද්‍යවරුන් පවා හඬවාලූ ශල්‍යකර්මය - තලයකින් කපා වධ දුන් කාන්තාවගේ ලිංගික අවයවයෙන් වෙඩි උණ්ඩයක් සහ ගලක් හමුවේ..

තවත් හදිසි දැනුම්දීමක් - ගම්පහට සහ මෙම ප්‍රදේශයට හෙට වෙනකල් ජල කප්පාදුවක්

තවත් හදිසි දැනුම්දීමක් - ගම්පහට සහ මෙම ප්‍රදේශයට හෙට වෙනකල් ජල කප්පාදුවක්