අද මේ අයට සතොසින් BAW කාර්, ස්කූටර්, ස්මාර්ට් ෆෝන් 100ක් ඇතුළු තෑගි කන්දක් - හේතුව මෙන්න
රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන “ලංකා සතොස” ඉකුත් සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ “සතොසින් පිරි අවුරුදු සිරි” අලෙවි ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වූ දිනුම් ඇඳීමේ තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය අද (19) දින සිදු කිරීමට නියමිතව ඇත.
ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මෙහිදී ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් ලක්ෂ 49 වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලබා දීමට නියමිත අතර රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා Yadea electric scooter දෙකක්, ගෘහ භාණ්ඩ කට්ටල 2ක් හා Smartphone 100ක් ලබාදීමට නියමිතව ඇත.
මේ අතර මෙම සුවිශේෂී ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව එළඹෙන අගෝස්තු මාසයේදී දිවයින පුරා ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන සතොසින් කෝටියක් යන සුවිශේෂී තේමාව යටතේ හැඩවෙන සතොස නිකිණි වාසනා නව මහා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නිල ලෙස මාධ්‍ය වෙත හඳුන්වාදීම ද මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.