කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට නඩු පවරයි..

Wimal Weerawansa Sri Lanka Department of Immigration & Emigration Law and Order
By Piyumika Aug 12, 2024 09:05 AM GMT
Piyumika

Piyumika

Report

සිය කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

ඒ පසුගිය යහපාලන රජය සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමිනි.

අද (12) පවරා ඇති මෙම නඩුව තුළින් වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයාව නම්කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර ..(VIDEO/PHOTO)

ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර ..(VIDEO/PHOTO)

අදාළ පෙත්සම තුළින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ තමන් 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්වයාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.

එහිදී විදේශගත වීම සඳහා තමා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ බවත් එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්‍රීය ගුවන් බලපත්‍රයක් බවට ප්‍රකාශය කළ බවත් එම පැමිණිල්ලේ සඳහන්ව ඇත .

ග්‍රීසිය ගිනිදැල් වලින් වටවේ..(VIDEO)

ග්‍රීසිය ගිනිදැල් වලින් වටවේ..(VIDEO)

පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඊට අදාළව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කළ නඩුව වසර 09කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් පසු තමන්ව අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මේ තුළින් සිය කීර්තියට දැඩි ලෙස හානි සිදුවූ බවයි.

ඒ අනුව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තුළින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් මෙම නඩුව පවරා ඇත .

ReeCha