ජනපති රනිල් හමු වූ නීති සිසුන්...

Report

අද (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ දී හමුවක් පවත්වා ඇත.

පරිගනක උපාංගවල සඟවා එවූ අයිස් තොගය...(PHOTOS)

පරිගනක උපාංගවල සඟවා එවූ අයිස් තොගය...(PHOTOS)

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා.

අනුර කුමාර සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර හමුවක්...

අනුර කුමාර සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර හමුවක්...

ඒ අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වී ඇතැයි වාර්තා වේ.