අවුරුදු කියල සමාව නැහැ - මාර්ග නීති කඩ කරන අයට නීතිය ක්‍රියාත්මකයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමඟ මහජනතාව බහුලව ඒකරාශී වන ස්ථානවල විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග, සැණකෙළි ඇතුළු උත්සව සම්බන්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල, කිරුළපන, බම්බලපිටිය යන ප්‍රදේශවලත්, ආගමික ස්ථාන ආශ්‍රිතවත් මහජන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇත.
උත්සව සමයේ මහජන ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය සඳහා පොලිස් නිලධාරීන් 35,000කට වැඩි පිරිසක් යෙදවූ බව පොලීසිය පවසයි.
මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලීසිය අවධාරණය කළේය.