ජනපති පොලිස් ලොක්කන් අමතයි - දෙකට නැමෙන්න එපා! (VIDEO)

Police spokesman Sri Lanka Police Anura Dissanayake Crime Drugs
By Akash Mar 18, 2025 08:36 PM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකා පොලිසිය කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කළ යුතු බව දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය නිරන්ය්තරයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවට එක වෙමින්.

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර සිටියා.

ආණ්ඩුවේ ණය ට්‍රිලියනය පනී! දෙයියෝ සාක්කි!!

ආණ්ඩුවේ ණය ට්‍රිලියනය පනී! දෙයියෝ සාක්කි!!

අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සඳහන්. බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට පවසා සිටියා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද දකුණු පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.


GalleryGallery
ReeCha