ආණ්ඩුවේ ණය ට්‍රිලියනය පනී! දෙයියෝ සාක්කි!!

Report

2025 ජනවාරි මාසයේදී පමණක් රජයේ රුපියල් ට‍්‍රිලියනයක ණය මුදලක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දී තිබෙනවා.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජය මෙම නය මුදල ලබාගෙන ඇති බව සඳහන්. එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදීද රජයේ රුපියල් බිලියන 750කට ආසන්න ණය මුදලක් ලබා ගෙන තිබෙනවා.

මීට අමතරව මාර්තු මාසයේදීද මුල් දින 14ක කාලය තුළදී රජයේ රුපියල් බිලියන 580කට ආසන්න මුදලක් ණය ලෙස ලබාගෙන ඇති බව පැවසෙනවා.

ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට‍්‍රිලියන 2.3ක ණය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනාවරණය කර තිබෙනවා.