නවතම හදිසි අනතුරු ඇඟවීම නිවේදන නිකුත් කෙරේ.

Department of Meteorology Weather Floods In Sri Lanka
By Wayomi Jun 02, 2024 12:20 PM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා..

ඒ, අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එමෙන්ම එම නිවෙදනය හරහා පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොල, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

එහිදී ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  


GalleryGalleryGalleryGalleryGalleryGallery