තේ කර්මාන්තට එකතුවුණු අලුත්ම අමුත්තා ගැන දැනුම්දීමක්

Report

තේ කර්මාන්තයේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ ගැටලු මගහරවා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමය යටතේ තේ පොහොර බෙදාහැරීම මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

2030 වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා, සහනාධාර තේ පොහොර බෙදාහැරීමේ පැවති ගැටලු නිරාකරණය කරමින් QR ක්‍රමය යටතේ නව බෙදාහැරීම පසුගිය ඊයේ (01) සිට දිවයින පුරා ආරම්භ කෙරිණි.

මේ පනත සංශෝධනය කරන්න යයි

මේ පනත සංශෝධනය කරන්න යයි

පැවති ක්‍රමයේ ගැටලු වූයේ පොහොර සංස්ථාවෙන් පමණක් ලබාදීම, ඉඩම් ප්‍රමාණය මත පොහොර තීරණය කිරීම ආදියයි. නව ක්‍රමය යටතේ පොහොර ලේකම් කාර්යාලය අනුමත සමාගම්වලින් සහනාධාරය නිකුත් කිරීම සහ කඩිනම් බෙදාහැරීම සඳහා QR ක්‍රමය පසුගිය සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දෙන ලදී.

මීට පෙර ඉඩම් ප්‍රමාණය මත පොහොර තීරණය වූ අතර, දැන් මාස තුනක දළු ප්‍රමාණයේ සාමාන්‍යය මත සහනාධාර ප්‍රමාණය තීරණය කෙරේ.

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ඒ අනුව කි.ග්‍රෑ. 50 මිටියකට රු. 4,000ක් සහ කි.ග්‍රෑ. 25 මිටියකට රු. 2,000ක් කුඩා හා මධ්‍යම තේ වතු හිමියන්ට ලබාදෙමින් කටයුතු සිදුවෙමින් පවතී.

 මෙම ක්‍රමය යටතේ පසුගිය 31 වැනිදා වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර, ඉන් 67,056ක් ලියාපදිංචි කර ඇත.

එමෙන්ම ගොවීන් 49,548 දෙනෙකුට QR කේත ලබාදෙමින් මෙට්‍රික් ටොන් 187.4ක් බෙදාහැර ඇති අතර, එය 49.33% ක ප්‍රගතියකි.

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්