ලසිත් මාලිංගට සුපිරි තනතුරක්.
By krishani
හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇත.
ඒ බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය නිවේදනය කර තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මින් පෙර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ෂේන් බොන්ඩ් ය.
ඔහු පසුගියදා ඉල්ලා අස් වුණ අතර ඉන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර ඇත්තේ.