මැදපෙරදිග ගිය ග්‍රීලංකන් ගුවන්යානා 05ක් හරවයි
පවතින තත්ත්වය මත මැද පෙරදිග ගුවන් කලාප රැසක් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අයත් යාන 05ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යවා තිබේ. ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළට සහ ඩුබායි ගුවන්තොටුපොළට වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර රියාද් ගුවන්තොටුපොළ වෙත එක් ගුවන්යානයක් හරවා යවා ඇති බව වාර්තා වෙයි. මේ අතර FitsAir ගුවන්යානයක් ඩුබායි වෙත හරවා යවා ඇත.
මෙම ගුවන්යානා කුවෙට්, අබුඩාබි සහ දෝහා වෙත පියාසර කළ ඒවා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන්යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බැමේ සඳහා ඉල්ලීමක් කළ හොත් මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන්තොටුපොළ සූදානම් කර ඇති බවය.