පැපුවා නිව්ගිනියාවේ සිදු වූ නාය යාමෙන් 670 ක් පමණ ජිවිතක්ෂයට...
By Parami Dissanayake
පසුගිය සිකුරාදා එනම්, (24) දිනයේ දී, පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබේ.
අදාළ නායයාම හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී තිබුනු අතර,මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව වාර්තා වේ.
නිවාස 150 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැළලී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේවෙතත් , පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට අනුමාන කළ හැකි බව අදාළ ස්ථානයේ පරික්ෂණ සදහා ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත.