නාය යෑමක් නිසා ගමක් නොපෙනී යයි
By Dhananjaya
පැවති අධික වර්ෂාවත් සමඟ අද දිනයේ හාල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලි පානාවල අස්වැද්දුම කන්ද නාය යෑමකට ලක්ව තිබේ.
අක්කර 30ක ප්‍රදේශයක් මෙම නාය යෑමට ගොදුරු වී ඇති අතර කුඹුරු යායක් ද විනාශයට ලක්වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ එහි පදිංචිව සිටි පවුල් විසිපහකට අයත් අනූහත් දෙනෙකු අනතුර සිදුවීමට පෙර එම ප්‍රදේශයෙන් ඉවත් කර තැබූ නිසා ඔවුන්ගේ ජීවිත බේරා ගත් බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරීක්ෂාවකින් පසුව එම කලාපය අධි අවදානම් කලාපයන් ලෙස නම් කර තිබුණා.