සියල්ල ක්ෂණික වෙනස් කරමින් දරුණු නායයෑම් තත්ත්වයක් - පුද්ගලයින් 8 දෙනෙකු මරුට
නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාපතනයත් සමඟ කඩා වැටුණු මෙම නායයෑම හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි 10කට අධික සංඛ්‍යාවකට බරපතළ හානි සිදුව ඇති අතර, පස්වලට සහ සුන්බුන්වලට යටවූවන් සෙවීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
අනතුරට ලක්වූ ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් 10 දෙනෙකු කඩිනමින් බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට සහන සේවකයින් සමත්ව ඇත.
තවදුරටත් නායයෑමේ අවදානම පවතින බැවින්, එම ප්‍රදේශයේ පදිංචිව සිටි 1,100කට අධික පිරිසක් ආරක්ෂිත වහාම වෙනත් ස්ථාන කරා යොමු කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.