දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වර්ෂාපතනය හමුවේ නාය යාමේ අවදානම පිළිබඳව දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම නිවේදනයේ දැනුම් දී ඇත.
මෙම අනතුරු ඇඟවීම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර තිබේ.
