ඉන්දීය ව්‍යාපාරිකයෙක් හදේ ඉඩමක් මිලට ගනී..ලෝකයම පුදුම කරවයි..

By Aruna Sep 06, 2023 07:33 AM GMT
Report

ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් වන රූපෙෂ් මාසන් සඳෙන් ඉඩමක් මිලදී ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මාසන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇත්තේ ඉකුත් අගෝස්තු මස 25 වනදා බවයි පැවසෙන්නේ එනම් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 ගවේෂණ යානය සාර්ථකව සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩ බෑමෙන් දින දෙකකට පසුව වීමද විශේෂත්වයක්.

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි නමැති ආයතනයක් ඔස්සේ ඔහු මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට ද සඳෙහි ඉඩම් හිමි බවයි.

චිචී අපි ළඟ කළේ රස්සාවක්..- චිචී උඩ යැයූ චන්දිකාව ගැන සුප්‍රීම්සැට් සභාපතිගේ අලුත්ම හෙළිදරව්ව.

චිචී අපි ළඟ කළේ රස්සාවක්..- චිචී උඩ යැයූ චන්දිකාව ගැන සුප්‍රීම්සැට් සභාපතිගේ අලුත්ම හෙළිදරව්ව.