ඡන්ද අහිමි වුනත් රාජ්‍ය සේවයේ තියෙන අඩු පාඩු කියනවා - කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත
කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ ඡන්ද අහිමිවුව ද රාජ්‍ය සේවයේ පවතින අඩු පාඩු පිළිබඳ ප්‍රකාශ කිරීමට නොපැකිළෙන බවත් එසේ නොවන්නේනම් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාමට හැකියාවක් නොමැති බවත්ය.
අද (02) මාතර, වැලිපිටිය පොල්අතුමෝදර ගඟ හරස්කර ඉදිකර ඇති ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් මෙසේ පැවසුවේය.
විභාගය මුල් වූ අධ්‍යාපනය වෙනුවට ප්‍රායෝගික අධ්‍යාපනය - පාසල්වල පහසුකම් ඉහළට - ගුරු හිඟය හා තාක්ෂණික පහසුකම්
"අපිට අක්කරයකට බුසල් 30ක් අරන් මදී 50ක් අරගෙනත් මදී. මම මේ දවස්වල බැනුම් අහන කතා තියෙනවා. අක්කරයකට බුසල් 30ක් 40ක් ගන්නවා නම් වගා කරන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා. මම මේ ළඟදී ගියා වලව මහවැලි කළාපයේ රැස්වීමකට. එහෙ ගොවි මත්වරු ඉන්නවා අක්කරේට බුසල් 200ට වඩා ගන්න අය. ඒ අය කෑ ගහන්නේ නෑ අක්කරයකට බුසල් 30ක් 40 ගන්න අය තරම්. ඒ අය 120 මදී කියන්නේ නෑ. මදී කියන්නේ අස්වැන්න මදී අය. අක්කරයට 100ට අඩුවෙන් නම් ගන්නේ ඒ අයගේ පිරිවැය වැඩි ඒ අය කියනවා 120 මදී කියලා. අම්පාරෙත් 140ට වඩා ගන්නවා. ඒ අය 120 මදී කියන්නේ නෑ. ඒ අය කියන්නේ 120ට අපෙන් ගන්න කියලා. මොකද ගැනීමේ පහසුකම් අපිට තාම ප්‍රමාණවත් නෑ. නවීකරණය නොවෙච්ච ලංකාවේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමා කෘෂිකර්මාන්තය. අපි ගොඩක් පසුගාමි මට්ටමක ඉන්නේ. ඒක නැතුව අපේ රට ගොඩ දාන්න බෑ. ආර්ථික පරිවර්තනයක දී රජයයි ආණ්ඩුවයි තකට තක එකට දුවන බවක් පෙන්න තියෙන්න ඕනේ. සමහර තැන් වල ඒක නෑ. ආණ්ඩුවට යන්න පුළුවන් පැයට කිලෝමීටර් 200ක වේගයෙන් නම් රජයට යන්න පුළුවන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් නම් එ්ක පරක්කුයි. සමහරතැන් වල සංවර්ධන යන්නේ එහෙම. ඉතින් අපේ රාජ්‍ය සේවය දුර්වලයි. බඳවා ගැනීම් විශාල කාලයක් කරලා නෑ. නිලධාරීන් මදී පහසුකම් මදී ඒක තමයි ආණ්ඩුව ආපු ගමන් රාජ්‍ය සේවයේ පඩි වැඩි කළේ. එළැඹෙන අයවැයෙනුත් වැඩි වීම් වෙනවා. කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය මහත් මහත්මීන් නිසා තමයි මේක මේ ගානටවත් යන්නේ. ඡන්දදේ නැති වෙයි කියලා රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩු නොකියා බෑ. එහෙම නොකිව්වොත් මේ රට හදා ගන්න පරිවර්තනය කර ගන් බරුව යනවා."