අපිට එකෙක්වත් ලොකු නෑ ප්‍රසිද්ධියේ ඩඩ්ලිගෙන් ගේම ඉල්ලු ලාල් කාන්ත

Law and Order K.D. Lalkantha Sinhala news
By Mithu Jul 20, 2025 11:37 AM GMT
Mithu

Mithu

Report

වැව් රක්ෂිත ඉඩම් අත්පත් කරගනිමින් ඉදිකර ඇති සෑම අනවසර ඉදිකිරීමක්ම ඉවත් කරන බවට ඇමති කේ.ඩී ලාල් කාන්ත මහතා සඳහන් කළේය. එමෙන්ම විපක්ෂයේ තවත් කීප දෙනෙක් සඳහන් කළේ කේ.ඩී ලාල් කාන්ත මේ විදිහට කටපුරා පුරාජේරු ඇනුවට සහල් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන පරාක්‍රම සමුද්‍රය ආසන්නේ ඇති අරලිය හෝටලය ඉන් ඉවත් කිරීමට කටයුතු නොකරන බවයි.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

පුළුවන් නම් ඒ කර පෙන්වන ලෙසද කේ.ඩි ලාල් කාන්ත මහතාට අභියෝගයක් එල්ල විය. එයට ප්‍රතිචාරයක් විදිහට ඇමති ලාල් කාන්ත සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

"සමහරු අහනවා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙනවලු ඩඩ්ලිගේ හෝටලේ ඒක දාලා නැහැලු මේ පාර මේ වැඩේට. ඕනි එකෙක් ඕනෙ දෙයක් කියා ගත්තු දෙයින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ අපි තෝරගත්තු ක්‍රමවේදයක් තියෙනවා.හැබැයි අපි අදියරයන් අදියර අදියරයන් අධීරයේ යනවා.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

මේ අවුරුද්දේ ඔක්කොම කරන්න බෑ.ඔය ගොල්ලොත් වැව් තාවුළුවල හොටෙල් කරගෙන ඉන්නවනම් අයින් කරන්න කලින් යන්න.අයින් කරනාවාමයි.ඒක ඩඩ්ලි සිරිසේනද අපිට එකෙක්වත් ලොකු නැහැ.එයාව අපිට ලොකුයි වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී.ඒ ක්ෂේත්‍රයේදී එයා ලොකු මිනිහෙක්.

යනුවෙන් අදහස් දැක්වූ ඇමති ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කළේ කවුරු මොනවා කිව්වත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යන බවයි..

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ReeCha