“විෂ ඉඟිය” එක්ක ලක් මව බැබළු ලක්ෂිත [PHOTO]
“විෂ සහිත ඉඟිය” (Toxic Tip) වශයෙන් නම් කර ඇති ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූප ශිල්පියෙක් වන ලක්ෂිත කරුණාරත්නගේ ඡායාරූපය, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පවත්වන ලද, වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ (Wildlife Photographer of the Year) තරගයෙන් හොඳම ඡායාරූප 100 අතරට තේරී පත්ව තිබෙනවා.
දැනට ලෝකයේ වනජීවී ඡායාරූපකරණයේ විශාලතම සහ කීර්තිමත්ම තරගයක් වන මෙයට, ලොව පුරා රටවල් 95 කින් තරඟකරුවන් 60,636 ක වාර්තාගත ඡායාරූප සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත.
ඒ ඡායාරූප විශාල ප්‍රමාණය අතරින් ලක්ෂිතගේ ඡායාරූපය, හොඳම ඡායාරූප 100 අතරට තේරී පත්වීම මෙරටට ගෞරවයක් ගෙන දී ඇත.
අඳාළ ඡායාරූපයේ දැක්වෙන්නේ කුණු කන්දක් ආශ්‍රිතව ආහාර සොයන අලියෙකි. මෙහිදී, මේ ඡායාරූපයේ සෞන්දර්යය සේම එය සමාජයට ලබා දෙන පණිවිඩයත් වැදගත් වී ඇත.
ඉන් මෙරට අලි මිනිස් ගැටුම මෙන්ම කුණු කඳු නිසා වන අලි ජීවිතවලට ඇතිවන තර්ජනය සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බව දක්වා ඇත.
එමෙන්ම කුණු කඳු ආශ්‍රිතව අපද්‍රව්‍යවලට හුරු වන අලි ඇතුන් විෂ සහිත ද්‍රව්‍ය අනුභව කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නේ ඇතැම් විට ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයකට දමා ගනිමින්.
මෙම ඡායාරූපයෙන් ලක්ෂිත කරුණාරත්න ලෝකයටම පෙන්වා දෙන්නේ එකී ඛේදවාචකයයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලක්ෂිත පවසා ඇත්තේ,

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
“ඡායාරූපකරණය කලාවක් පමණක් නොව, හඬක් නැති අය සඳහා හඬක් ද බව නැවත වරක් ලෝකයට මතක් කර දී තිබෙනවා.නිල මාධ්‍ය නිකුතුව සඳහා ‘විෂ ඉඟිය’ තෝරා ගැනීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා. අද වන විට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් මාධ්‍ය ආයතන හරහා මෙම කතාවට දේශසීමා ඉක්මවා වේදිකාවක් ලබා දෙනවා”
එසේම ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ,
“අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව කළමනාකරණය කරන ලෝකයක් කරා අපි ගමන් කළ යුතුයි, තිරසාරභාවය යනු තේරීමක් නෙවෙයි ජීවන රටාවක්. අපේ අලි ඇතුන් ආරක්ෂා කිරීමෙන්, අපි විශේෂයක් පමණක් නෙවෙයි අප සැමට අයත් සොබාදහමේ ආත්මය ද ආරක්ෂා කරනවා,” යනුවෙන්.