වැයපස ඉහළයි... පර්ස් එක පරිස්සම් කර ගන්න... ඔන්න නොකිව්වා කියන්න එපා

Horoscope Astrology Lagna Wasana Jothishya Lagna Sinhala news
By Akash May 28, 2025 11:20 PM GMT
Akash

Akash

Report

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතරව ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව මංගල සාද වැනි දේවල් යෙදේ. නව ව්‍යාපාර, නිර්මාණ ඇරඹීමට ශුභයි. අමතර ධන ලාභ මතුවේ. සෙම්කෝප රෝග මතුවෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: දම් 

වෘෂභ

ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදෙන තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන දිනකි. අලංකාර දේ යෙදේ. නොසිතූ ලෙස වැයපස ද ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියා කරයි. මුත්‍රා රෝග, මේහ රෝග මතුවෙයි. ජය අංකය: 08 ශුභ වර්ණය: සුදු 

මිථුන

ශුභාශුභ ඵල දෙයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. අමතර ක්‍රියා මත අවිවේකී වෙයි. සුහදතා වර්ධන ක්‍රියා, උත්සව සභා වැනි දේවල් ද යෙදෙන, නව මිතුදම් ඇතිවන දිනකි. ධනලාභ මතුකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.  ජය අංකය: 07 ශුභ වර්ණය: කොළ 

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න


කටක

තරමක් ශුභවාදී ඵල ගෙනදෙයි. ප්‍රීතිසාද, මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සතුරන් දමනය වෙයි. තම අරමුණු ජයගනී. හදිසි ධන ලාභ ගෙනදෙයි. සිරස රෝග, උෂ්ණ රෝග මතුවෙයි.

ජය අංකය: 05 ශුභ වර්ණය: කහ 

සිංහ

විනෝදයෙන් දවස ගෙවයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වැනි දේවලට හේතුයි. වියපැහැදම් අධික වන අතර ණයතුරුස් වීමට ද හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.

 ජය අංකය: 01 ශුභ වර්ණය: ළා දම්

කන්‍යා

ශුභ ඵල දෙයි. තුරඟ තරග ජය ගනී. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයකි. සිරසගත රෝග මතුකරයි.

ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති කියන කතාව

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති කියන කතාව

තුලා

ශුභාශුභ මිශ්‍ර ඵලදායක වෙයි. ප්‍රීතිසාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් මත ක්‍රියා කරයි. තරමක් මනසට අවිවේකය මතුකරයි. කතාවේදී ක්‍රියාවේදී දෙවරක් සිතා බැලීම මැනවි. ආමාශගත රෝග මතුවේ.

 ජය අංකය: 04 ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික

ශුභා ශුභ ඵල දරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර, තම අරමුණු ජයගනී. ආගමික වතාවත් ගරුකර ක්‍රියා කරයි. නව යාන වාහන මිලට ගැනීමට විකිණීමකට හේතුයි. ඉදිමුම් රෝග, මුත්‍රා ආසාදන රෝග දෙයි.

ජය අංකය: 02 ශුභ වර්ණය: රතු

ධනු

ශුභාශුභ ඵල දෙයි. උත්සව සාද යෙදේ. අවිවේකී දිනකි. පොදු සේවා ක්‍රියාකාරකම්වල යෙදේ. ආර්ථික පීඩා මතුකරයි. තරමක් සිත් චංචල කරන සිතුවිලි මතුකරයි. ආමාශගත රෝග, ආසාත්මිකතා ඇතිකරයි.

 ජය අංකය: 06 ශුභ වර්ණය: තැඹිලි,

මකර

ශුභාශුභ ඵල දෙයි. සිත් පීඩා ගෙනදෙන ක්‍රියා ඇතිවේ. දුරස්ථ මිතුරන් සමීප වෙයි. පැරණි ණය ගනුදෙනුවකින් ජය ලබයි. ප්‍රේම සබඳතා ඇතිවේ. වැයපස ඉහළ යයි. වාතාධික රෝග, සන්ධි ඉදිමුම් රෝග මතුවේ.

 ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු

 කුම්භ

ශුභාශුභ ඵල මතුකරයි. ප්‍රීති උත්සව, සාද යෙදේ. කෙටි ගමන්බිමන් වැනි දේවලට හේතුයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. වෙළහෙළඳාම්වලින් දියුණු වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුවෙයි.

ජය අංකය: 01 ශුභ වර්ණය: නිල්

මීන ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඇසුරුකරන්නන් නිසා වැයපස ඉහළ යයි. ආමාශගත රෝග මතුකරයි. 

ජය අංකය: 09 ශුභ වර්ණය: රෝස

ReeCha