සිතු සිතු සම්පත් උදාවෙන සුබ අසුබ කැන්දන අද ලග්න පලාපල
🔴 මේෂ ලග්නය
පැරැණි ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. කලාත්මක දේට කැමැත්තක් දක්වයි. කාරුණික හැඟීම් ඇති කරයි.
🔴 වෘෂභ ලග්නය
බලාපොරොත්තුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අඩුපාඩු කීපයක් සම්පූර්ණ කර ගනී. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලබා ගනි.
🔴 මිථුන ලග්නය
හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ලැබීම් සහිත දිනයකි.
🔴 කටක ලග්නය
පොත පත කියවීමට රුචිකත්වයක් දක්වයි. සියුම් දේවල් පවා හොඳින් මතක තබා ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.
🔴 සිංහ ලග්නය
හිතවතෙකුගේ පි්රයසාදයකට සහභාගිවීමට කටයුතු උදාකරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. වියදම් බහුල කරයි.
🔴 කන්යා ලග්නය
දුර බැහැර ගමනකට සැලසුමක් ඇති කරයි. වෙනදාට වඩා වැඩ කටයුතු අධික වන දිනයකි. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.
🔴 තුලා ලග්නය
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මිහිරි ආහාරපාන කෑමට පි්රය කරන දිනයකි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.
🔴 වෘශ්චික ලග්නය
අමතර ලැබීම් සහිත දිනයකි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි.
🔴 ධනු ලග්නය
අවිවේකී ලෙස දවස උදා කරයි. ගේ දොර පිරිසුදු කිරීමකට වෙහෙසෙයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.
🔴 මකර ලග්නය
ලැබීම් සහිත දිනයකි. වැඩිහිටි උපකාරයක් හිමි කරයි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි.
🔴 කුම්භ ලග්නය
නැති වූ දෙයක් නැවත හිමිකරයි. එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුව අඩුකරන බවක් පෙනේ. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.
🔴 මීන ලග්නය
ශාරීරික වෙහෙසීම් ඇති කරන දිනයකි. දතක ආබාධයකට ප්රතිකාර ලබාගැනීමට සිදුවෙයි. පීඩාකාරී ලෙස දවස ගත කරයි.