බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

අද (14) පස්වරුවේ මාතලේ, ලග්ගල එළවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

එම බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ බස් රථය කොළඹ සිට ලග්ගල හරහා වස්ගමුව ප්‍රදේශයට ගමන්කරමින් තිබියදී අනතුරට මුහුණදී තිබුණි