සූක්ෂම ලෙස යුධ හමුදා සෙබළෙකු ඝාතනය කළ හමුදා සැරයන් වරයකු, සෙබළකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Report

හමුදා සෙබළකුගෙ ඝාතනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනීමක් සිදු කෙරූ අතර එලෙස අත්අඩංගුවට ගත් කුට්ටිගල පොදු සේවා බළකායේ හමුදා සැරයන් වරයකු, සෙබළකු සහ ගම්වැසියන් දෙදෙනකු මාර්තු 03දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා 17දා නියෝග කර තිබේ.

ඒ අනුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ, ඇඹිලිපිටිය, පදලන්ගල, යුද හමුදා පොදු සේවා බළකායේ සැරයන් හෙට්ටිආරච්චිගේ නීල් සුරංග, එම කදවුරේ සෙබළ මොරගහමුල්ලෙගෙද‍‍ර හර්ෂණ හෙට්ටිආරච්චි , කුට්ටිගල, සුරේෂ් ප්‍රියංකර නොහොත් ලොකු සහ කුට්ටිගල, විජේසිරි මහදුරගේ ධනුෂ්ක ධනංජය යන සිව් දෙනා බව සඳහන් වේ.

මෛත්‍රී වික්‍රමසිංහටත් FCID යෙන් දැනුම්දීමක්

මෛත්‍රී වික්‍රමසිංහටත් FCID යෙන් දැනුම්දීමක්

පසුගිය වසරේ (2025) ජනවාරි 26 දින පදලංගල පොදු සේවා බළකායේ සේවය කළ හමුදා සෙබළ හෙට්ටිආරච්චිගේ චානක මධුෂාන් ජයසිංහ (31) මරණය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට සැක්කරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මියගිය සෙබළා අතුරුදන්ව ඇතිබව කදවුරේ නිලධාරීන් විසින් ඔහුගේ මව්පියන්ට දන්වා තිබුණි. මියගිය සෙබළා මාතලේ, මල්ගම්මන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් බව සඳහන් වේ. අතුරුදන් වූ බව කී සෙබළාගේ සිරුර ඊට දින හතකට පසු කදවුරු මායිමේ වැට අයිනේ විදුලි සැර වැදී මියගොස් තිබිය දී හදුනා ගෙන ඇති අතර සිරුර නරක් වී තිබුණි.

සෙබළාගේ දත් වලින් සිරුර හදුනාගෙන තිබුණි. එහෙත් මරණය කෙසේ වූවාද යන්න පවුලේ අයට පැහැදිලි නොකිරීම නිසා මෙය ඝාතනයක් බවට ඔවුහූ සැක පල කළහ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක විමර්ශන ඒකකයේ මනුෂ්‍ය ඝාතන අංශයේ නිලධාරීන් මාස කිහිපයක් විමර්ශනය කර සැකකරුවන් අත් අඩංගූවට ගැනීමට සමත් වූ බව වාර්තා වේ.