කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වේ - හේතුව මෙන්න
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත.
ඒ අනුව උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයක් නිසා මෙසේ ඔහු තරගාවලියෙන් සතියක කාලයක් ඉවත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සාජා වොරියස් කණ්ඩායම නියෝජනය කර ඇත.
තරගාවලිය ජනවාරි මස 4 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වෙයි.