කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

Report

අද (31) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුරුණෑගල නගරයේ නීතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල, සූරතිස්ස මාවතේ එම්.එම්.බී නමින් මෙම නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් ඇත.

මෙහිදී සෞදි අරාබිය, ඕමාන්, කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බඳවාගැනීම් සිදුකරන බවට පවසා ඇති බව අනාවරණය වී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස් කෙරේ...

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස් කෙරේ...

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 110ක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේ ද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුව ද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කළ හැකිය.

තව ද, 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.