අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස් කෙරේ...
අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේ, 2012 වසරේ ග්‍රීසියේ බැදුම්කර වල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස ය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර මූලික විරෝතා මතු කර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිය විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා වන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර නොතිබූ බවයි.
නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු පත් කරනු ලැබුවේ, අප්‍රේල් මස 02 යැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයකට පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, මෙම අධි චෝදනා පත්‍රය නීතිය ඉදිරියේ වලංලගු භාවය අභියෝගයට ලක් ඇති හෙයින් ඔවුන්ට එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කරන බවත් විත්තිකරුවන් නිදහස් කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.