කුරුණෑගල නි. නගරාධිපති අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී බව සඳහන්.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙසේ අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

එම ටෙන්ඩරය ලබාදීමට රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර ඊට අයත් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

එමෙන්ම සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව හෙට (09) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර අනතුරුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමෙන් පසුව ඔහු නියෝජ්‍ය නගරාධිපති වශයෙන් පත්ව ඇති බව සඳහන්.

ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි - හේතුව මෙන්න

ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි - හේතුව මෙන්න

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී