මායිම් ගමෙන් ඇවිත් පේරාදෙණියෙන් රන් පදක්කම් 8ක් දිනා පළමු පෙළ සාමාර්ථයක් අරන් අමෙරිකාවට ගිය කුමුදුමාලීගේ පැටිකිරිය . - (VIDEO)

University of Peradeniya Education
By Wayomi Aug 30, 2024 09:24 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දිනවල වැඩිපුර කතාබහට ලක්වූ කුමුදුමාලී..ඩබ්ල්යු යූ....පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සයක එක දිගට එක පෙළට දක්ෂතම සිසුවිය ලෙස රන් පදක්කම් අටකින් පිදුම් ලැබූ ඇය ගැනයි මේ කියන්න යන්නේ.

ඇය රටේම ආදරය දිනාගත්තා වගේම ඇයට ආදරය ශක්තිය ලබා දුන් සෑම දෙනාටම ස්තූතිය පළ කරමින් සටහනක් ද තබා තිබුනා.

මම වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු, මම ගැන ලියපු හැමෝට ම බොහොම ස්තුති යි

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?


.. ..........................................................................

ඒ ලැබුනු ආශිර්වාද සහ පන්නරය , හෙට ත් මගේ ජීවිතය ආලෝකමත් කරාවි..

ඇත්තට ම මට මොනව ද කියන්න ඕන, මොනව ද ලියන්න ඕන කියලා හිතා ගන්න බෑ..

මේ තරම් පිරිසක් අතර, මෙච්ව්ර පොඩි කාලෙකින්, දැනගැනීම් ඇති වෙයි කියලා හිතුවෙ නෑ.. කොටින් ම කිවිවොත් මෙහෙම දෙයක් හීනෙකින් වත් මම බලාපොරොත්තු උනෙත් නෑ..

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

 

මේ ගෙවා ගිය ජීවිතේ,, ඉඩෝර අනන්ත වාර ගනනක් මම පහු කරන්න ඇති.. අර මම හැමදාම කිවුවා වගේ, ඒ ඒ මොහොත මා දරා ගත්ත විදිය සහ ඒ ගත් අප්‍රතිහත ශක්තියට නිගා දෙන්න බැරි නිසා, සොබා දහම විසින් මන් වෙනුවෙන් වට්ටපු එකම එක පුංචි මල් වැස්සක් වෙන්න ඇති මේක.. මේ ජයග්‍රහණය..

ඒත්, තව කොච්චර නම් දුර යන්න ඇත් ද? මේක ආරම්භයක් නොවෙද? මේ මොහොතේ මගේ හිත කියන්නෙ ඔච්චරයි ඉතින් මේ ව්දියට මාව අගය කරපු ඔබ, මට තවත් ඉදිරියට ඇදෙන්න ලොකු ශක්තියක් එකතු කරා.. ඒ වෙනුවෙන් හැමෝට ම නැවතත් මම ස්තුති කරනවා..

....................................................................... ..

ඉතින්,, ඔබ , අම්මෙක් තාත්තෙක් වේ ද, කුමන හෝ ආයතනයක ප්‍රධානියෙක් වේද, කුමන තරාතිරමක වුව සේවයක් කරන කෙනෙක් වේද, කුමන රැකියාවක් කරන කෙනෙක් වේද,ඉගෙන ගන්න කෙනෙක් වේද,, කවුරු හෝ... තමන් ට ආදරේ කරන්න. තමන් කරන තමාට නියමිත රාජකාරිය වෙනුවෙන් කැප වෙන්න, ආදරේ කරන්න, ගරු කරන්න.. තමන් ව විශ්වාස කරන්න, අගයන්න, තමා විසින් තමාව ම රාමුවක සිර නොකරන්න..

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.


කුමන ක්ශේත්‍රක වුවද, අරමුණක් ලුහු බැද එය ජය ගන්න..

මතක තියාගන්න ජීව්තේ ජයගන්න කැම්පස් යන්න ම ඕනි ම නෑ.

හැබැයි ඒක හොද අවස්ථාව ක් වෙන්න පුලුවන්.. ඒ අවස්ථාව ගන්න පසුබට වෙන්න එපා..

මේ හැමදේට ම තමන් ගෙ ම හිත හදාගන්න...

ඒ තුලන් මේ ලැබුන දුර්ලබ මනුෂ්‍ය බවය අර්ථවත් කරන්න..

කොටින්ම කිව්වොත්, ජීවිතේ ට අර්ථයක් දෙන්න, ජීවත් වෙන්න.

ආපහු හැරිලා බැලුවොත් පසු තැවීම් නොවෙන්න, ජිවත් වෙන්න..

කාලය ගත වෙවී මේ හැමදේ ම වෙන්න, බය නැතුව කාලයට ඔබ අතහැර යන්න ඉඩ දෙන්න..

බාධක ජය ගන්න, මැඩලන්න, සහ හැරයන්න..

ඔව්, මම ඉතින් විශ්වාස කරනවා, පුලුවන් වේවි අපි හැමෝටම දවසක මේ ලොවම ජයගන්න..

ඉතින් ඔබ සියලූ දෙනා ම වෙනුවෙන්, මගේ ඒ සුබ පැතුම ඔබට එකතු කරන්නම්...

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


උදේනි කුමුදුමලී~


GalleryGalleryGalleryGallery