කෝටි 45ක් සහභාගී වන ඉන්දියාවේ විශාලම පූජාව අතර තුර විශාල බැතිමතුන් පිරිසක් මියයයි.(PHOTOS)
වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය සැක පළ කර සිටිනවා.
එමෙන්ම ඉන්දීය වාර්තා සඳහන් කළේ, මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවයි.
මෙම පූජාව සඳහා අද අළුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට තිබීම ද විශේෂත්වයක්.
මෙම පූජාව සඳහා බැතිමතුන් කෝටි 45ක් සහබාගී වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.
වසර 12කට වරක් කුම්භමේලා පූජාව පැවැත්වෙන අතර ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් පව් කමාකර ගත හැකි බවත්, ආත්මය පවිත්‍රතාවය ඇති වෙන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වනවා.
වසර 144කට වරක් පැවැත්වෙන මෙම මහා කුම්භමේලා පූජාව සඳහා ලොව නන්දෙසින් පිරිස් මේවන විටත් පැමිණෙමින් පවතිනවා.
You May Like This Video


