කුමාර සංගක්කාරගේ ඥාතියෙකුට අයත් දෙමහල් නිවසක් ගිනිගෙන විනාශ වෙයි..
By Aruna
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාරගේ ඥාතියෙකුට අයත් දෙමහල් නිවසක් ගිනිගෙන විනාශ වී තිබෙන පුවතක් වාර්තා වනවා.
මහනුවර ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසක්, මෙලෙස ගිනි ගෙන ඇත. පසුගිය දෙවැනිදා අදාළ ගින්න හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ලද තොරතුරක් මත එම ස්ථානයට පැමිණි මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම් ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති අතර, නමුත් වහාල සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ගින්න ඇති වීමට හේතුව මෙතක් අනාවරණ වී නොමැති අතර, මීට අදාළ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.
කුමාර සංගක්කාර මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.