කොත්තු රොටි මිල ඉහළට
By Shehan
සමහර ප්‍රදේශවල කොත්තු රොටි, බිත්තර ආප්ප, බිත්තර රොටි ඇතුළු බිත්තර ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැඩි කනස්සල්ලට පත්ව ඇත.
බිත්තර සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල යම් ප්‍රමාණයකින් අඩු වී ඇතත්, එම අමුද්‍රව්‍ය භාවිතා වන ආහාර ද්‍රව්‍යවල මිල පහත වැටී නොමැති බව පාරිභෝගිකයින් පෙන්වා දෙති.
වර්තමානයේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 29 සිට රුපියල් 33 දක්වා පවතින අතර, විවිධ අවන්හල්වල කොත්තු රොටි, බිත්තර ආප්ප, සහ බිත්තර රොටි වැනි ආහාරවල මිල ඉහළ මට්ටමක පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරති.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මැදිහත් වී, ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් සකස් කරන ලෙස පාරිභෝගිකයින් ඉල්ලා සිටිති.