කොස්ගොඩ වෙඩිල්ලේ වැරදුණු තැත - තවත් තොරතුරු එළියට

Report

බලපිටිය, කොස්ගොඩ හතරමංහන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුය.

මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණේ ඔහු ත්‍රිරෝද රථයෙන් අහුන්ගල්ලේ සිට⁣ කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙ⁣නෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින්ය.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එහිදී තුවාල ලබා ඇත්තේ කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (රන් මහත්තයා) නමැති කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්ය.

මේ වනවිට තුවාලකරු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම වෙඩිතැබීම දැනට විදේශගතව සිටින 'ෂාන් මල්ලි' යන අය විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

පොලීසිය පවසා සිටියේ, මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ත්‍රිරෝද රථයේ හිමිකරුවන 'බාලේ' නමැත්තා ඉලක්කර බවය.

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

එහෙත් ප්‍රහාරය එල්ලකරන විට එහි ගමන්කර ඇත්තේ බාලේ නැමැත්තාගේ ඥාති පුත්‍රයෙකු වූ තුවාල ලැබූ නිමුතු අභිෂාන්ය.

මීට වසර දෙකකට පමණ පෙර ද බාලේ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එදිනද ඔහු ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා