කොරියාවට යන්නද ඉන්නේ? මෙන්න සුපිරි වාසියක්

Report

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත්තේ දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බවයි.

මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව, භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, එම පරීක්ෂණයෙන් සමත් වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

එමෙන්ම වෙබ් අඩවියට ඇතුළත් කර පළමු වසර අවසානයේදී තවදුරටත් රැකියා ගිවිසුමක් නොලැබ වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින් මෙතෙක් දෙවන වරටත් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වුවද, නව තීරණය අනුව දෙවන වසර සඳහා එවැනි වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වර සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් වේ.

ඊශ්‍රායලයට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්

ඊශ්‍රායලයට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පරිපාලන කාර්යක්ෂමතාවය වැඩි කිරීමත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමත් යන අරමුණු මත මෙම තීරණය ගෙන ඇත.

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්