යාපනයේ කොටසක පොලිසිය ඉවත් කරයි

Report

යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුකූලව කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.

කම්හලක දරුණු ගින්නක් 16ක් මරුට

කම්හලක දරුණු ගින්නක් 16ක් මරුට

අද (15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට ලබාදි ඇති අතර තාවකාලිකව යාපනය පොලීසය අදාළ ප්‍රදේශයේ පැමිණිලි බාරගනු ඇත.

මේ වනවිට ආරක්ෂක හේතුන් මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබේ.

උසස් පොලිස් නිලධාරින් පවසන්නේ තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

මාලිමා මන්ත්‍රීට ගුටි පූජාවක්

මාලිමා මන්ත්‍රීට ගුටි පූජාවක්