කොළොන්නාව නගරය වෙනත් තැනකට ගෙන යාමේ සුදානමක්...
By Parami Dissanayake
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේ ම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසා සිටිනවා.
ඒ අනුව, මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම් වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය.
එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට ද නියමිත අතර, මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිත ය.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී.දොළවත්ත මහත්වරු ද සහභාගී වූහ.