කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL ශූරතාව දිනා ගනී...
IPL තරඟාවලියේ ශුරයින් බවට පත් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා.
එහි නායකත්වය ගනු ලැබුවේ, ශේයාර්ස් අයර් විසිනි.
චෙන්නායිහි එම.ඒ . චිදම්බරම් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවතී මෙම තරඟාවලියේ කාසියේ වාසිය දිනා ගත්තේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.
එය ලබා දුන් ලකුණු 113 ක ඉලක්කය පන්දුවාර 10.3 ක දී කඩුළු 02ක් පමණක් දැවිමෙන් ය.
හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 18.3ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 113 ක් රැස් කර ගත්තේ ය. ඒ IPL අවසන් මහා තරඟාවලියේ වාර්තා කළ අවම ලකුණු මට්ටමට හිමිකම් කියමිනි.
එම ඉලක්කය හඹා යමින් පිටියට පැමිණි කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ සුනිල් නරේන් ලකුණු 06 ක් පමණක් ලබා සිටිය දී ,හයිද්‍රාබාද් නායක පැට් කමින්ග්සගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය.
ඉන් අනතුරුව, කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහ්මනුල්ලා ගුර්බාස් හා පිටියේ ස්ය්හාවර වු වෙන්ක්ටෙෂ් අයිවර් පිටිය දෙවනත් කරමින් පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායමේ බලපොරිත්තු ද සුන් කරමින් ය.
ඒ අනුව, ජයග්‍රාහි කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටෙෂ් විසින් පන්දු 26 ක දී වේගවත් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුවේ ය.
තරඟය ආරම්භයේ වේගයෙන් පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් ඉනිම නොසිතූ ලෙස කඩා වැටුණේ ආරම්භක පිති කරුවන් වන අභිශේෂ ෂර්මා සහ සුපිරි පිතිකරු ට්‍රව්ස් හෙඩ් පිටියේ ස්ථාවර වන්නට ඉඩ ලබා නොදුන් කොල්කටා ආරම්භක පන්දු යවන්නන් වන ශර්මා ලකුණු 02ටත් ට්‍රැව්ස් හෙඩ් ලකුණු නොලැබූ ක්‍රීඩාගාරයට හරවා යවමිනි.
ඉන් අනතුරුව පිටියට පිවිසි රාහුල් ට්‍රිපාතී ලකුණු නවයක් ලබා සිටියදී සුපිරි වේගපන්දු ක්‍රීඩක මිචල් ලිස්ට්‍රාක් විසින් ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර යම් තරමක් පිටියේ ස්ථාවර වෙමින් සිටි ඒත් මාක්‍රම ලකුණු විස්සක් ලබා සිටියදී අන්ඩේ රසල් විසින් ඔහුව ද ක්‍රීඩාගාරයට යවා තිබුණා.
පසුව පිටියට පිවිසෙන් නිතිස් කුමාර් රෙඩ්ඩි ලකුණු දාසයකට දැවී ගිය අතර , ශභාස් අහ්මඩ් ලකුණු අටක් ලබා සිටියදී දවා ගැනීමට වරුන් චක්‍රවර්තී සමත් වුණා. අද දිනයේ හයිඩ්‍රාබාදය වෙත ඉන්පැක්ට් ප්ලේයර් වශයෙන් එක්ව සිටි අබ්දුන් සමාද් ලකුණු හතරකට දැවී ගිය අතර නායක පැත්කමින් සහ යම් පමණකින් ඉනිම ගොඩනගමින් සිටි කෙන්ඩ්‍රික් ක්ලාසන් ලකුණු දාසයක් ලබා සිටියදී දවා ගන්නට හර්ෂිත රානා සමත් වුණා.
මේ අවස්ථාවේදී යම් තරමක් ස්ථාවර වෙමින් සිටි හයිඩ්‍රාබාද් නායක පැට් කමින්ග්ස්ව නවවෙනි කඩුල්ල දෙස දවා ගන්නට තරඟයේ දාසය වැනි පන්දු වාරය අවස්ථාව ලැබූ නමුත් මීටර් ස්ට්‍රාක් සියතට ලැබුණු උඩ පන්දුව ගිලිහී යාමෙන් එම අවස්ථාව මඟහැර දැමුවා.
කෙසේ නමුත් හයිඩ්‍රා බාත් කණ්ඩායමෙන් නව වැනි කඩුල්ල ලෙස ජයදේව උනද්කත් දැවී ගියේ ලකුණු හතරක් ලබා සිටියදීය.
අවසාන කඩුල්ල ලෙස හයිද්‍රාබාද් නායක පැට් කමින්ස් තැවිගේ ලකුණු 24ක් ලබා ගනිමිනි. ඒ හයිද්‍රාබාදය වෙනුවෙන් ලකුණු වැඩිම ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා වෙමින්ය.
කෙසේ වෙතත් , කොල් කටා කණ්ඩායම් වෙනුවෙන් පන්දු යැවීමේදී අන්ඩ්‍රේ රසල් කඩුලු තුනක් බිඳ හෙළූ අතර මිචෙල් ස්ට්‍රාක් හා හර්ෂිත් රානා කඩුළු 02 බැගින් බිඳ හෙළීය.
