කෝලිටයි අනුෂ්කාටයි අශ්‍රමයට එන්න කෝටි 5ක් ගෙව්වද? - “දැඩි ආගමික විශ්වාසයකින් සහ ගෞරවයෙන් පැමිණියේ,චෝදනාව කෝලිගේ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරයි''
සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට වෘන්දාවනයේ ප්රේමනන්ද් මහරාජ්ගේ ආශ්රමයට පැමිණීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ලබාදී ඇති බවට එල්ල වූ චෝදනා කෝලිගේ පාර්ශ්වය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
කෝලිගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ කරුණුමය වශයෙන් වැරදි බවයි.
ශ්‍රී ක්රිෂ්ණ ජන්මභූමි සංඝර්ෂ් න්‍යාසයේ සභාපති ෆලාහාරි මහරාජ් හෙවත් දිනේෂ් ෂර්මා විසින් මෙම චෝදනාව එල්ල කර තිබූ බව සඳහන් වේ.
ඔහු පවසා ඇත්තේ ප්රේමනන්ද් මහරාජ්ගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමේ අරමුණින් විරාත් කෝලි ආශ්රමයට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක් ගෙවා ඇති බවයි.
කෙසේ වෙතත්, එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් කෝලිගේ පාර්ශ්වය පවසා ඇත්තේ ඔහු ප්රේමනන්ද් මහරාජ්ගේ ආශ්රමයට යන්නේ දැඩි ආගමික විශ්වාසයක් සහ ගෞරවයක් හේතුවෙන් බවයි.
“විරාත් කෝලි මහතා සම්බන්ධයෙන් ෆලාහාරි මහරාජ් දිනේෂ් ෂර්මා විසින් සිදුකර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ කරුණුමය වශයෙන් වැරදියි,” යනුවෙන් කෝලිගේ පාර්ශ්වය සඳහන් කර තිබේ. එමෙන්ම එවැනි ප්‍රකාශ මාධ්‍ය මගින් වාර්තා කිරීමට හෝ පුළුල් කිරීමට පෙර කරුණු නිසි ලෙස තහවුරු කර, වගකීමෙන් යුතුව වාර්තා කරන ලෙසද කෝලිගේ පාර්ශ්වය මාධ්‍යයෙන් ඉල්ලා ඇත.
විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ වන නිළි අනුෂ්කා ෂර්මා ප්රේමනන්ද් මහරාජ්ගේ රාධා කේලි කුන්ජ් ආශ්රමයට නිරන්තරයෙන් පැමිණෙන බව සඳහන් වේ.
ඔවුන් එම ආශ්රමයට පළමු වරට ප්‍රධාන වශයෙන් පැමිණ ඇත්තේ 2023 ජනවාරි 4 වැනිදා වන අතර, ඉන් අනතුරුවද අවස්ථා කිහිපයකදී එහි ගොස් තිබේ.
මේ අතර, ප්රේමනන්ද් මහරාජ්ගේ ආශ්‍රමය සම්බන්ධයෙන් මෙම ආන්දෝලනය මතුව ඇත්තේ එහි සිටි රසික දුලාරි නමැති අනුගාමිකයෙකු ආශ්රමයේ සිව්වන මහලින් ඇද වැටී සැප්තැම්බර් 25 වැනිදා මියයෑමේ සිද්ධියෙන් පසුවය.
සිද්ධිය සම්බන්ධයෙන් මතුරා පොලීසිය විමර්ශන සිදුකරන අතර, මියගිය පුද්ගලයා මානසික ආතතියකට හෝ අවපීඩනයකට ලක්ව සිටියේද යන්න පිළිබඳවද විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.
ඔහු ආශ්රමයට පැමිණීමට පෙර ගත කළ ජීවිතය සහ පසුව ඔහුගේ හැසිරීම්වල සිදුවූ වෙනස්කම් පිළිබඳවද පොලීසිය අවධානය යොමු කර තිබේ.
ඒ සඳහා ඔහුගේ පැරණි ජංගම දුරකථනය, නව සිම්පත, දුරකථන ඇමතුම් වාර්තා, සංවාද සහ අනෙකුත් ඩිජිටල් සාක්ෂිද පරීක්ෂා කරමින් සිටින බව සඳහන් වේ. මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 85 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.