පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්
By Kaushi
කිරිබත්ගොඩ නගරයේ වෙළඳසලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රියැදුරන්ට උපදෙස් ලබාදෙන බව පොලිසිය දැනුම් දී තිබෙනවා.
අඳාළ ගින්න කිරිබත්ගොඩ සපත්තු අලෙවිසැලක හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට ගින්න නිවීම සඳහා කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 5 ක් යොදවා ඇති බවද වාර්තා වේ.