වසර 20කට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ - චාල්ස් රජු සහ ට්‍රම්ප් හමුවූ ඓතිහාසික මොහොත

Report

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයට පැමිණි තිබේ.

චාල්ස් රජුගේ පාලන කාලය තුළ සිදු වන වඩාත්ම වැදගත් සහ උසස් මට්ටමේ සංචාරයක් ලෙස මෙය සැලකේ. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් අමෙරිකාව නිදහස ලබාගත් 250 වැනි සංවත්සරය සනිටුහන් කිරීමද මෙම සංචාරයේ විශේෂත්වයකි. දශක දෙකකට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් විසින් රාජකීය යුවළ උණුසුම්ව පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම වොෂින්ටනයේ ප්‍රභූන්, මාධ්‍ය ප්‍රධානීන්, අමෙරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ඇතුළු පිරිසක් සමඟද චාල්ස් රජු සහ කැමිලා රැජින සුහද හමුවීම් වලට එක්වී ඇත.

මෙම සංචාරයේදී කොංග්‍රස් මණ්ඩලය ඇමතීම, ධවල මන්දිරයේ පැවැත්වෙන රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගී වීම සහ නිව්යෝර්ක් නුවර සංචාරයක්ද ඇතුළත් වේ.

එමෙන්ම පසුගිය සෙනසුරාදා ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව අගනුවර තවමත් තද ආරක්ෂාවක් යටතේ පවතින අවස්ථාවක මෙම සංචාරය පැවැත්වීමද විශේෂත්වයකි.

වසර 20කට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ - චාල්ස් රජු සහ ට්‍රම්ප් හමුවූ ඓතිහාසික මොහොත | King Charles Iii Of Britain To America

වසර 20කට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ - චාල්ස් රජු සහ ට්‍රම්ප් හමුවූ ඓතිහාසික මොහොත | King Charles Iii Of Britain To America

ට්‍රම්ප්ගෙන් ආයෙත් පණ්ඩිත වැඩක් - වෙඩික්කරුවෙකුගේ සිදුවීමෙන් පස්සෙත් චාල්ස් රජුව ගේන්නයි

ට්‍රම්ප්ගෙන් ආයෙත් පණ්ඩිත වැඩක් - වෙඩික්කරුවෙකුගේ සිදුවීමෙන් පස්සෙත් චාල්ස් රජුව ගේන්නයි