වකුගඩු සැත්කමකින් මියගිය දරුවාගේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි
මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමෙන් ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදුවී ඇති බවය.
ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
තම දරුවා වකුගඩු සැත්කමක් සිදුකරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ඔහු මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරිණි.
