විවාහකයෙක් කියලා නොදැන ‍රොහලේදී කාන්තාවක් රොගියෙක්ව පැහැරගෙන ගිහින්..

Sri Lanka Police Colombo Sri Lanka Kidnapping
By Piyumika Jul 02, 2024 02:40 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ(01) නියෝග කරන ලදි.

අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා වෛද්‍යවරයෙකුට දිවි අහිමි වේ..

අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා වෛද්‍යවරයෙකුට දිවි අහිමි වේ..

පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා කලක් විදේශගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ඇප උපස්ථාන කළ 58 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව විවාහ කොටගෙන ඇත .

සැමියාට අසනීප වීමෙන් අනතුරුව විවාහක බිරිඳ විසින් ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඥාතියකු බව පැවසෙන විත්තිකාර කාන්තාව ඇතුළු පිරිසක් රෝහල් බලධාරීන්ට නොදන්නවා ඔහුව එම රෝහලෙන් රැගෙන ගොස් ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර තිබෙන බව නාරාහේන්පිට පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේය .

හිසට පහරදී පියා ඝාතනය කල මාර පුත්‍රයා..

හිසට පහරදී පියා ඝාතනය කල මාර පුත්‍රයා..

අදාල පුද්ගලයා ගල්කිස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් මිය යාමෙන් අනතුරුව විත්තිකාර කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් විසින් අවසන් කටයුතු කර තිබෙන බවද පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටින ලදි .

ඒ අනුව පොලිසිය අධිකරණය හමුවේ පවසනුයේ මෙලෙස පැහැරගෙන ඇත්තේ දේපළ අත්පත් කර ගැනීමේ අරමුණින් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු..

සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු..

තම ඥාතියාට ඇප උපස්ථාන කළ කාන්තාව ඔහු විසින් විවාහ කරගෙන ඇති බව පවුලේ කිසිවකුත් නොදන්නා බවත් ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවද සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබුණි .

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාවට ඇප නියම කරණු ලැබුවා.