රුපියල් මිලියන 70කට වඩා වටිනා KG තොගයක් සමග ඩිංගියක් අත්අඩංගුවට ..

Report

රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කටකතාවක් නිසා වසර දහතුනකට පසු බ්‍රිතාන්‍යයේ දරුණුතම තත්ත්වයක් ..(VIDEO/PHOTO)

කටකතාවක් නිසා වසර දහතුනකට පසු බ්‍රිතාන්‍යයේ දරුණුතම තත්ත්වයක් ..(VIDEO/PHOTO)

කිලිනොච්චිය, ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා රැගත් ඩිංගි යාත්‍රාව සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

ඩිංගි යාත්‍රාවේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 176කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඩිංගි යාත්‍රාව තුළ පාර්සල් 86 අසුරන ලද කේරළ ගංජා කිලෝ 176 ග්‍රෑම් 350ක පමණ තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මිය ගිය එක්දරු මවගේ මරණය ගැන සොයන්නට ඇවිත් අධිකාරිවරයා රෝහලේ යකා නටයි..

මිය ගිය එක්දරු මවගේ මරණය ගැන සොයන්නට ඇවිත් අධිකාරිවරයා රෝහලේ යකා නටයි..

සැකකරුවන් අවුරුදු 22 ත් 35 ත් අතර වයස්වල පසුවන මන්නාරම සහ වලෙයිපාඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.