මිය ගිය එක්දරු මවගේ මරණය ගැන සොයන්නට ඇවිත් අධිකාරිවරයා රෝහලේ යකා නටයි..

Sri Lanka Police Mannar Sri Lanka Doctors
By Piyumika Aug 04, 2024 06:54 AM GMT
Piyumika

Piyumika

Report

මන්නාරම රෝහලට අනවසරයෙන් ඇතුලුවී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු චාවකච්චේරි රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පැවසීය .

මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා මියගිය එක්දරු මවක් සම්බන්ධයෙන් සහ රෝහලේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෛද්‍ය අධිකාරීවරයා එලෙස මන්නාරම රෝහලට පැමිණ තිබුණි.

ජනේලයෙන් එබී තැබූ වෙඩි පහරේ ඉලක්කය වැරදීමෙන් තිදරු පියාගේ දිවි බේරේ..

ජනේලයෙන් එබී තැබූ වෙඩි පහරේ ඉලක්කය වැරදීමෙන් තිදරු පියාගේ දිවි බේරේ..

එම අවස්ථාවේ වෛද්‍යවරයා මන්නාරම රෝහලේ සේවයකරන වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් සහ රෝහල තුල නොසන්සුන් තත්වයක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රෝහල් පරිපාලනයෙන් ලැබුණ පැමිණිලි මත එලෙස ඔහු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

චාවකච්චේරි රෝහලේ ඇතුළු උතුරු පළාතේ රෝහල් රැසක සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍යන් ඔස්සේ අනාවරණයන් සිදුකළ වෛද්‍යවරයකු වන අතර එම ප්‍රකාශ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ විරෝධතාවයන් සමඟ ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ස්ථානමාරුකරනු ලැබීය.

දහඅට හැවිරිදි තරුණයකුගේ ඛේදනීය ඉරණම..

දහඅට හැවිරිදි තරුණයකුගේ ඛේදනීය ඉරණම..

මියගිය එක්දරු මව දරුවකු ප්‍රසූතකිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී අධික රුධිර වහනයවීම හේතුවෙන් මියගොස් සිටි අතර ඒ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් ප්‍රතිකාරකළ රෝහල් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සැකයක් පවතින බවට රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කොට තිබුණි.

ReeCha