කළුතර වස්කඩුවේදී දරුණු රිය අනතුරක්- කැලණිය විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට

Report

අද (08) උදෑසන කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත

විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විනෝද චාරිකාවක් සඳහා ගාල්ල ප්‍රදේශයට යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී එක් සිසුවෙක් යතුරුපැදියකින් ඇදවැටී ඉදිරියෙන් පැමිණි පාසල් වෑන් රථකට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව තිබේ

මෙලෙස අනතුරට ලක්වූ සිසුවා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය සදහන් කරයි

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරන සිතුම් සංකල්ප නමැති 21 හැවිරිදි අයෙක් වේ.

මියගොස් ඇති සිසුවා මිතුරන් පස් දෙනෙකු සමග යතුරු පැදිවලින් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට බරව ඇදවැටී ඇති අතර, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක පසුපස රෝදයට යටවී ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී අනාවරණය වී ඇත

අනතුර සිදුවු මොහොතේ ගාලු පාරේ රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, පසුව පොලීසිය විසින් තත්ත්වය සමතයකට පත්කර තිබේ .

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ .

දශක හතරක සිනමා ගමන නිමවෙයි- බොලිවුඩ් සිනමාව සොලවාලූ නානා පටේකාර්ගේ හදිසි නික්මයෑම

දශක හතරක සිනමා ගමන නිමවෙයි- බොලිවුඩ් සිනමාව සොලවාලූ නානා පටේකාර්ගේ හදිසි නික්මයෑම