ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් - අනිද්දා වන තුරු වලංගු අනතුරු ඇඟවීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්, කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව නිවේදනය කරයි.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) දින පෙ.ව. 7.30 මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන අතර එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු බව පවසයි.

එමෙන්ම අඳාළ නිවේදනයේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙසේ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තිබෙන බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගංඟාව පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න