පවතින වර්ෂාපතනය සමඟ කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට

Report

දිවයිනේ දැනට පවතින අධික වැසි සහිත අහිතකර කාලගුණික තත්ත්වයත් සමඟ කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා විශේෂයෙන්ම පෙන්වා දුන්නේ පවතින වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වන විට යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, වර්ෂාව තවදුරටත් පැවතිය ද ඉහත සඳහන් කළ කිසිදු ගංගාවක හෝ ඔයක ජල මට්ටම මහජනතාව පීඩාවට පත්වන මහා පරිමාණ ගංවතුර තත්ත්වයක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සහරා කාන්තාරය මැද ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මිය යයි

සහරා කාන්තාරය මැද ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මිය යයි

චීනයෙන් නවසීලන්ත මන්ත්‍රීවරුන්ට ඉතිහාසයේ පළමු වතාවට සංචාරක තහනමක් පනවයි

චීනයෙන් නවසීලන්ත මන්ත්‍රීවරුන්ට ඉතිහාසයේ පළමු වතාවට සංචාරක තහනමක් පනවයි