කැරපොතු පක්ෂය් විරෝධතාවයට දිල්ලියේදි - පොලිසිය බැටන් සහ ජල ප්‍රහාර වලින් උත්තර දුන්න හැටි මෙන්න

Report

ඉන්දීය පාර්ලිමේන්තුවේ මෝසම් සැසිය ආරම්භ වූ පළමු දිනයේදී සංවිධානය කිරීමට නියමිතව තිබූ “චලෝ සංසද්” පාගමනට පෙර කොක්රෝච් ජනතා පක්ෂයේ (CJP) ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් හටගෙන තිබේ.

NEET වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සහ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතාගේ ඉල්ලා අස්වීම ඉල්ලා CJP ආධාරකරුවන් මෙම පාගමන සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් බැටන් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට පියවර ගෙන ඇත.

හෝමූස් හරහා එක තෙල් හෝ ගෑස් බිංදුවක්වත් යවන්න දෙන් නෑ - ඉරානයේ රතු එළි මැද අද බොරතෙල් මිල අහස උසට යයි

හෝමූස් හරහා එක තෙල් හෝ ගෑස් බිංදුවක්වත් යවන්න දෙන් නෑ - ඉරානයේ රතු එළි මැද අද බොරතෙල් මිල අහස උසට යයි

මීට පෙර දිල්ලි පොලිසිය විසින් මෙම පාගමන සඳහා අවසර ලබා නොදුන් අතර, විශාල ජන රැස්වීම් ද තහනම් කර තිබිණි. පොලිසිය සඳහන් කළේ, අවසරයකින් තොරව පෙළපාළි, විරෝධතා, රැස්වීම් සහ පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි එක්රැස්වීම් සිදුකිරීම තහනම් බවයි.

අවසර නොමැති රැස්වීම්වලට සහභාගී වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිසිය අනතුරු අඟවා තිබිණි. ආරක්ෂක හේතූන් මත රාජීව් චෝක්, ජනපත්, පටෙල් චෝක්, සෙන්ට්‍රල් සෙකට්‍රේරියට් සහ සේවා තීර්ත් යන දිල්ලි මෙට්‍රෝ ස්ථාන පහක් ද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

CJP විරෝධතා ව්‍යාපාරය කොක්රෝච් ජනතා පක්ෂය (CJP) පසුගිය මැයි මාසයේදී අභිජීත් ඩිප්කේ විසින් උපහාසාත්මක ඩිජිටල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලදී.

ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් මහතාගේ “පරපෝෂිතයන්” සහ “කැරපොත්තන්” යන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයකින් පසුව මෙම කණ්ඩායම අවධානයට ලක්විය.

කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත් මෙම ව්‍යාපාරයට විපක්ෂ දේශපාලනඥයන්, ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ ක්‍රීඩකයන්ගෙන් ද සහාය ලැබී තිබේ.

ඇමෙරිකාවේ වසර දෙකක් පමණ ජීවත් වූ 30 හැවිරිදි අභිජීත් ඩිප්කේ ජූනි මාසයේදී ඉන්දියාවට පැමිණ දිල්ලි විරෝධතාවලට නායකත්වය ලබා දුන්නේය.

ක්‍රියාකාරී සෝනම් වංචුක් ද මෙම විරෝධතාවලට එක්වූ අතර, ඔහු ජූනි 28 වැනිදා ජනතර මන්තර ප්‍රදේශයේ අඛණ්ඩ උපවාසයක නිරත විය. කෙසේ වෙතත්, සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් වංචුක් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

CJP විරෝධතාකරුවන් පවසන්නේ තරග විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම් ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

කැනඩාවේ ලැව්ගින්න නිසා ඇවිළුණු ට්‍රම්ප්ගෙන් කැනඩාවට තීරු බදු තර්ජනයක්

කැනඩාවේ ලැව්ගින්න නිසා ඇවිළුණු ට්‍රම්ප්ගෙන් කැනඩාවට තීරු බදු තර්ජනයක්