කෙහෙල් බද්දර පද්මෙගේ බිරිඳ අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලාවිත් තිබුණා. ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමග කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය වන හරක් කටාගේ බිරියව හා දරුවාද එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.
[
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය