දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා නිමා කර දිවයිනෙන් පිටව යයි
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි තිබු එම නෞකාව 2026 ජුනි මස 04 වන දින මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කර ඇත මෙලෙස දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර, නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විය.
මෙම අවස්ථාවෙදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කර ඇත.
ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අලුත්වැඩියා කට්ටල සමග නව නියුමැටික් ෆෙන්ඩර් (Pneumatic Fenders) හතරක් පරිත්‍යාග වශයෙන් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කළ බව සඳහන් වේ එම අවස්ථාව සඳහා ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී විය.
නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමිව තිබුණා. නෞකාවේ කාර්යය මණ්ඩලය මෙරට ආකර්ෂණීය ස්ථාන කිහිපයක සංචාරයක ද නිරත වූ බව වාර්තා වේ.